(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය- උඩුපුස්සැල්ලාව මාර්ගයේ සිටි හන්දිය ප්‍රදේශයේදි ඩබල් කැබ් ලොරි රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ වැදී සිදුවු අනතුරකින් එකම පවුලේ පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඊයේ (17) සවස සිදු වු මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඉන් බරපතල තුවාල ලැබු හය හැවිරිදි කුඩා ළමයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරු කොට යවා තිබේ.
යතුරු පැදියේ ගමන් ගත් පියා හා එක් ළමයෙකු ආරක්ෂිත හෙල්මට් පැළැද සිට ඇති බවත් හෙල්මට් පැළැද නොසිටි හය හැවිරිදි කුඩා ළමයාගේ හිසට මෙසේ බරපතල තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ ආරක්ෂිත හෙල්මට් නොදමා අනාරක්ෂිත ලෙස යතුරු පැදියේ කුඩා ළමයෙකු රැගෙන ගොස් බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් යතුරු පැදිය පැදවු පියාට එරෙහිව නඩු පැවරීමටද නියමිතය.