යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට


  (කේ බුද්ධික කුමාරසිරි සහ එච් එස් ඒ නන්දන)

මාර්ග අංක 293 හෝමාගම හංවැල්ල මාර්ගයේ ඇඹුල්ගම ප‍්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොන්කී‍්‍රට් කණුවක ගැටිමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ  යතුරු පැදිකරු නවගමුව දිසා රෝහලට රැගෙන යන අතරතුර මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.


අනතුර සිදු වූ ස්ථානය විශාල වංගුවක් සහිත ස්ථානයක් බවත් එම මාර්ගයේ පනාගොඩ දෙස සිට ඇඹුල්ගම දෙසට වේගයෙන් පැමිනි යතුරුපැදිකරුට තම යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්කී‍්‍රට් කණුවේ ගැටී අනතුර සිදුව ඇති බවත් ඇසින් දුටු සාක්ෂි හා ස්තානීය පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ ඇමුල්ගම කන්ද පාර ප‍්‍රදේශයේ පදිංචිව සිටි කෝකිල ගයාන් නැමැති 31 හැවිරිදි අවිවාහක තරුනයෙකු වන අතර ඔහු රැකියාව ලෙස ටැටූ ගැසීම සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.


හංවැල් පොලිස් ස්තානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංහයේ ස්තානාධිපති පොලිස් පරීක්ෂක රත්නායක මහතා පරීක්ෂණ පැවැත්විය.