යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු මරුට


(තරංග ගුණරත්න)

 
මාතර - කබුරුගමුව ප්‍රදේශයේ  අද අලුයම  සිදුවු රිය අනතුරින් තරුණයන් දෙදෙනකු  මියගොස්  ඇතැයි කොටවිල පොලිසිය පවසයි.

මෙසෙ   මියගොස්  ඇත්තේ  මිරිස්ස උඩුපිල පෙදෙසෙහි සංචාරක හෝටලයක සේවය නියුතු තරුණයන් දෙදෙනෙකි. අද අලුයම 1 .30 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ.

යතුරු පැදියෙ වෙිගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය පවසයි ,

දෙණියාය කොටපොළ   පෙදෙසෙහි පදිංචි  නවින් ලක්මාල්   (20 )  සහ තිහගොඩ පෙදෙසෙහි පදිංචි හේවාවිතානගේ  භවන්ත (20 ) යන   මෙලෙස මිය ගොස් ඇති බව හඳුනාගෙන තිබේ.