සුමතිපාල දීයගහගේ
ගාල්ල කොළඹ මහා මාර්ගයේ කහව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිරිපිට දී යතුරුපැදියක් ලොරි රථයක හැපිමෙන් පුද්ගලයකු මිය ගිය බව පොලිසිය පවසයි.
යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා ද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අහුංගල්ල බෝගහපිටිය පදිංචිව සිටි සෙම්බකුට්ටි සුදේෂ් උදාර ද සිල්වා (24) හැවිරිදි තරුණයකි.
මියගිය යතුරුපැදිකරුගේ මරණ පරික්ෂණය අද (7) බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.