යතුරුපැදි අනතුරකින් ගුරු උපදේශකවරයෙක් මරුට


(රොමේෂ් මධුෂංඛ)                   

යාපනය කෝපායි පුදර්මඩම් ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ගුරු උපදේශකවරයකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි.

වඩමාරච්චි උතුර කලාප අධ්‍යාපන කාර්යාලෙය් සේවයේ නිරත වූ ගුරු උපදේශක වරයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියක් අධික වේගයකින් ධාවනය කර යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙළි වී ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන්ගේ ගුරු උපදේශක 63 හැවිරිදි මහලිංගම් වින්සන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

අනෙක් පුද්ගලයා බරපතල තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර කෝපායි පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.