යතුරුපැදි - බස් රථ අනතුරකින් යතුරුපැදිකරු මරුට


(ජුඩ් සමන්ත සහ ඔගස්ටීන් ප්‍රනාන්දු)
 
යතුරු පැදි දෙකක් අනතුරකට ලක්ව තිබූ අවස්ථාවක වේගයෙන් පැමිණි ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් එහි ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව හලාවත පොලීසිය කියයි. 
 
ඊයේ (16) වැනිදා සවස 6.30 ට පමණ හලාවත - ආණමඩුව මාර්ගයේ කුමාරකට්ටුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.    
                                                  
අනතුරින් මිය ගොස් ඇත්තේ පල්ලම - මගුරන්කඩවල පදිංචි වර්ණකුලසූරිය ආරච්චිලාගේ ගයාන් ප්‍රදීප් නමැති 35 හැවිරිදි එක් දරු පියෙකි.   
                               
බස් රථය පැදවූ රියදුරුද කම්පනය හේතුවෙන් ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.       

හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.