(ක. ග. කරුණාරත්න)
පොළොන්නරුව - අරලගංවිල ප්‍රධාන මාර්ගයේ දිඹුලාගලදී අද (15) උදෑසන තරුණයෝ තිදෙනෙකු රැගත් යතුරුපැදියක් සිමෙන්ති මිශ්‍රණ බවුසරයක හා පෞද්ගලික බස්රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් එක් අයකු බරපතළ ලෙස තුවාල ලබා ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇත.
රිය අනතුරින් මියගොස් ඇත්තේ දිඹුලාගල, දලුළුකාන ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.
යතුරුපැදිය අනතුරට පත්කර නොනවත්වා රිය ධාවනය කර පලාගොස් ඇති සිමෙන්ති මිශ්‍රණ බවුසරයේ රියැදුරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භකර ඇතැයි අරලගංවිල පොලිසිය පවසයි.
පෞද්ගලික බස්රථයේ රියැදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අරලගංවිල පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.