(ජේ.කේ.එල්.චාමින්ද)
යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා වු අයවැය ලේඛනය අද (21) පැවති ප්‍රාදේශීය සභා මාසික රැස්විමේ දී වැඩි ඡන්ද හයකින් සභා සම්මතවිය.
ප්‍රාදේශීය සභාවේ සභාපති යු.ජි.පියදාස මහතා 2019 වර්ෂයට සඳහා වු අයවැය ලේඛනය පැවති ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.
අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 12ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 6ක් ලැබුණි. අයවැය ලේඛනය වැඩි ඡන්ද හයකින් සභා සම්මත විය.
ප්‍රාදේශීය සභා රැස්වීම යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති යු.ජි.පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.