(මොහොමඩ් ආසික්)
මහනුවර අඹතැන්න ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් අද (26) අලුයම මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව අලවතුගොඩ නවයේ කණුව ප්‍රදේශයෙදී පාරෙන් ඉවතට පැන අධිබල විදුලි රැහැන් සහිත කණුවක්ද කඩාගෙන වෙලකට පෙරළී අනතුරකට ලක්ව තිබේ.
මෙම අනතුර හේතුවෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මහනුවර මහ රෝහල වෙත යොමු කර තිබේ. කෙසේ නමුත් මෙම අනතුරින් තුවාල ලැබු කිසිවෙකුගේ තත්වය බරපතල නොවන බව පොලීසිය කියයි.
මෙම අනතුර හේතුවෙන් ව අධිබල විදුලි රැහැන් පද්ධතියට සහ මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ.
මේ පිළිබඳව අලවතුගොඩ පොලීසියේ රථවාහන අංශය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.