මෝටර් රථ සේවා සපයන ආයතනයක ගින්නක්


(ජේ.කේ.එල්.චාමින්ද)  
                                 
 ගාල්ල පෙට්ටිගලවත්තේ පිහිටි ටයර් අලෙවිසැළක් සමඟ පවත්වාගෙන ගිය මෝටර් රථ සඳහා  සේවා සපයන ආයතනයක  ඊයේ  (10) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් එම  ආයතනයේ දේපල  සම්පුර්ණයෙන් විනාශ වි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

 ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත. 
                                   
ගිනි නිවන ඒකකය හා නාවික හමුදාව එක්ව ගින්න නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් ගත් අතර අද (11) අළුයම 5.00 පමණ වනවිට එය සම්පුර්ණයෙන් පාලනය කිරීමට හැකිවී ඇත.                                         
 ගිනි නිවන රථ 04ක් පමණ මේ සඳහා යොදවා තිබිණි.   
                                           
විදුලි කාන්දුවක්  මෙම ගින්නට හේතුවී ඇතැයි පොලිසිය සැක පළ කරයි.     
                 
ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.