( කේ බුද්ධික කුමාරසිරි )
හයිලෙවල් මාර්ගයේ මීපේ ගලගෙදර ප‍්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් මාර්ග අසල ස්ථානගත කර තිබූ විශාල ජල නලයක ගැටීමෙන් අද (18) සිදු වූ අනතුරකින් තුවාල ලැබූ එම මෝටර් රථයේ ගමන් ගත් සැමියා සහ බිරිඳ හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැමියා මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
අනතුරට ලක් වූ යුවළ විනෝද ගමනක් යාම සඳහා තම දියණිය හෝමාගම ප‍්‍රදේශයට රැගෙන ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරට හේතුව මිය ගිය පුද්ගලයාට නින්ද යාම බවට සැක කරන බවත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
මෙම අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ තත්වය බරපතල නොවන බව ත් ඇය සුළු තුවාල හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් හෝමාගම මූලික රෝහලේ ප‍්‍රකාශිකාවක පැවසුවාය.
මෙලෙද මිය ගොස් ඇත්තේ කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය තක්සේරුකරුවෙකු ලෙස සේවය කර විශ‍්‍රාම ලැබූ පාදුක්ක ඉංගිරිය පාර ලිපිනයේ පදිංචිව සිටි කළුමින් ජයසේන නමැති 62 හැවිරිදි තිදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂඛ චින්තක උයද කුමාර මහතා විසින් සිදු කිරීමට නියමිත අතර පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ජයවර්ධන මහතා විසින් පරීක්ෂණ පවත්වයි.