මොරවක නිවාස දෙකක් බිඳ රන් භාණ්ඩ -මුදල් කොල්ල කාලා



 (එස් .ඩි .කොඩිකාර )


මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේ  නිවාස දෙකක් බිඳ එහි තිබූ රුපියල් 79000 ක රන් ආභරණ සහ මුදල් රුපියල් 30000 ක් සොරකම්  කර  ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මොරවක පොලීසිය පවසයි .


සොරකම සිදු කරන අවස්ථාවේ නිවාස දෙකේ නිවැසියන්  කොස්නිල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් සිටි ඇත.  අද (20) උදෑසන මෙම පැමිණිල්ල සිදු කර ඇතැයි පොලසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලීසිය පරීක්ෂණ  පවත්වයි.