මොරටුව පුස්තකාලයත් අතරමැදි රෝහලක් කරයි


(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව මහ නගර සභාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයනට  රෝහලක් ලැබෙන තුරු රැඳී සිටීමට  මොරටුව පුස්තකාල තුන්මහල් ගොඩනැගිල්ලත් නගර සභා මහ සභාවේ ගිලන් රථයත් වෙන්කර ඇති බව මොරටුව පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පවසයි.

එය ඇඳන් දහයකින් සමන්විත බව ද පුරපතිවරයා පවසයි.

ඒ අනුව මුල් අවස්ථාවේ රෝගීන් දහනවයක් පමණ අදාළ ස්ථානයේ දැනට රඳවා ඇතැයි ද රෝහල් ලැබෙන ආකාරයට ඔවුන්ව පිටත් කර යැවීමට කටයුතු කොට ඇති බවත්  පුරපති වරයා සඳහන් කරයි.