(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මහ නගර සභාවේ 2019 වර්ෂය සඳහා වූ අයවැය කෙටුම් පත වැඩි ඡන්ද 28 කින් අද (20) සම්මත විය.
මෙහිදී විපක්ෂව ඡන්ද 20ක් ලැබුණ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජාතික ජනතා පක්ෂය අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයක් විය.
මොරටුව පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අයවැය විශේෂ සභාව ඇරඹි අතර අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කිරීම මොරටුව පුරපතිවරයා විසින් සිදු කරනු ලැබීය.
එමෙන්ම 2019 වර්ෂයේ සභාව සතු ඉඩම් වල රැඳී සිටින ජනතාවට ඔප්පු ලබා දීමටත්, අනියම් සේවය පදනම යටතේ සේවයට බඳවාගෙන ඇති සේවක මහත්ම මහත්මීන්ට ස්ථිර පත්වීම් ලබාදෙන බවත් ඔහු පැවසීය.