මොරගොඩ ඇළ ආශ්‍රිතව පොම්පාගාර පිහිටුවන්න යයි



(ජී. ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
 
අම්බලන්වත්ත හීන් ඇළ සහ මිලිද්දුව මොරගොඩ ඇළ ආශ්‍රිතව පොම්පාගාර පිහිටුවීම සඳහා, වැවිලි  ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (04) එම ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක  නිරතවිය.
 
මොරගොඩ ඇළ පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුරෙන් පීඩාවිඳින ජනතාව ඉන් බේරාගැනීම සඳහා මෙලෙසින් පොම්පාගාර පිහිටුවන බව අමාත්‍යවරයා පැවසීය.
 
ප්‍රදේශවාසීන් සමග අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා මෙම පොම්පාගාර කඩිනමින් ඉදිකරන බවද පැවසීය. ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.