ලෝක ළමා දිනය වෙනුවෙන් බදුල්ල අවට ළමා නිවාසවල ද බදුල්ලේ දරු දැරියන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදීමට මොබිටෙල් පියවර ජංගම දුරකතන ජාලය පියවර ගත්තේය.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ල වීල්ස් පාක් හිදී සතුට සපිරි සැණකෙලියක අසිරිය විඳගැනීමට හැකිවන අයුරින් මැජික් සංදර්ශන සහ විනෝද ජනක වැඩසටහන් සංවිධානය කැරිණි.
ළමා දින ගීතයක් ද එළිදැක්වීණි.
මෙම ගීතය පාරිභෝගිකයන්ට mTunes ඔස්සේ ලබාගත හැකිවන අතර ලැබෙන ආදායමින් රටේ අඩු පහසුකම් සහිත පාසල්වලට පරිගණක පද්ධති ලබාදීමට සමාගම සැරසේ.
සමාගමේ තවත් සුවිශේෂී මෙහෙවරක් වන්නේ ප‍්‍රදේශයේ පාසල් වෑන් රථ සඳහා විශේෂ i-Card ක්‍රමයක් හඳුන්වා දීමයි. සිය දරුවා පාසලට ගොස් පාන්තිකාමරය වෙත වාර්තා කළ බව කෙටි පණිවුඩයකින් දැනගැනීමට මාපියන්ට අවස්ථාව උදාවෙයි. මෙම සේවාව තවත් පුළුල් කරමින් පාසල් වෑන් රථ හිමිකරුවන්ට සිය කැමැත්ත අනුව GPS තාක්ෂණයෙන් සමන්විත විශේෂ උපකරණය වෑන් රථවලට සවිකර ගනිමින් තම දරුවා පාසල වෙත යන මග නිරීක්ෂණය කරන්නට අවස්ථාව උදාකළ හැකිය. එමෙන්ම පාසල් වෑන් රථය ගමන් ගන්නා මාර්ගය Google Map මගින් ගමන් මාර්ගය දැක ගැනීමට මාපියන්ට අවස්ථාව ද ලැබේ. මෙම සේවාව IOS, Android මෙන්ම Windows යන සියල්ලෙන්ම ඩවුන්ලෝඕ කළ හැකි App එකක් මාර්ගයෙන් ලබාගත හැකිය.
i-Card ක්‍රමය ප‍්‍රවාහන සේවාවන් දක්වා ව්‍යාප්ත කිරීමට මොබිටෙල් සමාගමට කටයුතු කරයි.