(ඩී.ජී.සුගතපාල සහ ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ නිවසකදී මොට ආයුධයකින් පහර දී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් අද(10) සොයාගත්බව ගාල්ල පොලිසිය පවසයි.
එම පුද්ගලයා අවිවාහකයකු බවද, ඥාති නිවසක පිටුපස කොටසේ කාමරයක පදිංචිව සිට ඇති බවද, අද උදෑසන නිවැසියන් මළ සිරුර දැක පොලිසියට දන්වා ඇති බවද පොලිසි කියයි.
එම පුද්ගලයාගේ කටේ රෙදිපාන්කඩ ඔබා මොට ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවද පොලිසිය පවසයි.
ඊයේ (09) රාත්‍රියේ ඔහු මිය ගොස් ඇතැයි පරීක්ෂණ අනුව පැහැදිලි වන බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මොට ආයුධයකින් පහර දී අයෙක් ඝාතනය කරලා
Recommended Articles