මෛත්‍රි වෙසක් සතියට මෛත්‍රී


සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මෙවර වෙසක් සතිය අප්‍රේල් 30 සිට මැයි 6 වැනි දින දක්වා ප්‍රකාශයට පත් කර ඇත.

මැයි මස 3 වැනිදාට වෙසක් දිනය යෙදී ඇති අතර මැයි 4 වැනිදාද රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත. එම දින දෙක තුළ සත්ත්ව ඝාතනය හා අලෙවියද, සුරා සැල් හා සමාජ ශාලා විවෘතව තැබීමද තහනම් කරමින් බුද්ධ ශාසන අමාත්‍යංශය නියෝගයක් නිකුත් කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 3 වැනිදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල මුතියංගණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර වෙසක් උළෙලේ තේමාව ලෙස ‘මෛත්‍රිය වැඩීම‘යි. වෙසක් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක්ද පසුගිය 20 වැනිදා නිකුත් කෙරිණි.

බුදු රජාණන්වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන් පෑම යන අවස්ථා තුන සිහිපත් කරමින් වෛශාඛ්‍ය මංගල්‍යය ලොව පුරා බෞද්ධ ජනතාව ඉතා ඉහළින් සැමරීම සිදු කරයි.