(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල තල්විල මුහුදේ නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකුගෙන් එක් අයකු (19) සවස දිය රැලකට අසුවී අතුරුදහන්ව ඇති බව මාරවිල පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන් වී ඇත්තේ මාරවිල කොස්වාඩිය පදිංචි සේවියර් විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ හදාරමින් සිටි 16 හැවිරිදි සිදුවෙකි.
අතුරුදහන් වී ඇති සිසුවා තවත් සිසුවකු සමග මුහුදේ නාමින් සිටියදී එකවර දිය රැලකට අසුවී ගසා ගෙන යමින් සිටියදී එම ස්ථානයේ සිටි අයකු මුහුදට පැන එක් සිසුවෙකු බේරා ගෙන ඇති අතර අනෙක් සිසුවා බේරා ගැනීමට යාමේදී ඔහු නොපෙනි ගොස් ඇති බව කියයි.
මෙම ස්ථානයේ රැකියා කරනු ලබන ධීවරයින් පවසන්නේ සිසුවා ගසාගෙන ගිය ස්ථානයට ආසන්නයේ ගැඹුරු ගල් පරයක සිරවෙන්නට ඇති බවයි.
අතුරුදහන් දරුවා සිරුර සොයා ගැනීමට හෙට දින නාවික කිමිදුන් කරුවන් යෙදවීමට නියමිත බව මාරවිල පොලිසිය පවසයි.