මුහුදෙන් පාවී ආ හෙරොයින් කිලෝවක් සින්නපාඩු වෙරළට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුහුදෙන් පාවි ආ හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සින්නපාඩු වෙරළේ තිබියදී සොයා ගත් බව උඩප්පුව පොලිසිය කියයි.

ඉතාමත් ආරක්ෂීත ආවරණයකින් සැකසූ මෙම හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයේ පාර්සලය මුහුදේ පාවෙමින් තිබි සින්නපාඩු වෙරළට ගොඩ ගසා තිබියදී ධිවරයකු මෙම පාර්සලය පිළිබඳව පොලිසියට ලබා දුන් තොරතුරක් මත සොයා ගෙන තිබේ.

පාර්සලයේ බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝවක් තිබූ බවත් පොලිසිය පාර්සලය ලිහා බැලීමේදි තහවුරු කර ගෙන තිබිණි.

පොලිස් නිළධාරින් පවසන්නේ දැඩි ආරක්ෂිතව පාර්සලය ඔතා තිබුණද එයට ජලය කාන්දුවීමක් සිදුව තිබු බවයි.එම හෙරොයින් තොගයේ වටිනාකම තහවුරු කළ නොහැකි බවයි.