(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය මණ්ඩල කුඩාව මිහිරාජ් පුරම් හී ගෙවත්තක උර 19 ක බහා වල දමා තිබූ මිලිමීටර් 70 ට අඩු මුහුදු හක් බෙල්ලන් 1839 ක් සහ මිලි මීටර් 70 ට වැඩි හක් බෙල්ලං 795 ක් අද (20) රාත්‍රීයේ සොයාගත් බව කල්පිටිය පොලිසිය පැවැසීය.
මෙම හක් බෙල්ලන් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර 70 ට අඩු හක් බෙල්ලන් සන්තකයේ තබා ගැනීම ගබඩා කර තැබීම සහ ප්‍රවාහනය සපුරා තහනම් බව වැටලීම සිදු කළ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
මිලිමීටර් 70 ට වැඩි බෙල්ලන් සන්තකයේ තබා ගැනීමට බලපත්‍ර තිබිය යුතු අතර සැකකරුවන් සතුව බල පත්‍ර නොතිබූ බව පොලිසිය පැවැසීය.