මුහුදු අශ්වයින්- කූඩැල්ලන් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට


(ප්‍රසාද් මුතුකුඩ) 


රුපියල්  කෝටියකට වඩා  වටිනා   මුහුදු අශ්වයින්  සහ මුහුදු  කූඩැල්ලන්  කිලෝ ග්‍රෑම් 39  ග්‍රෑම් 330 නීති විරෝධිව  සන්තකයේ තබා ගනිමින්  සහ එයින්  කිලෝ 5  තේ කුඩු  අඩංගු ඇසුරුම්  ලෙස අධිවේගි  ගුවන් තැපැල් මගින්  චීනයට යැවීම උත්සහ කළ  චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය පවසයි .


මෙලෙස අත්අඩංගුවට පත්වු චීන ජාතිකයා 27 වියැත්තෙකි. 


මොහු  මීගමුව තැපැල් ස්ථානයට පැමිණ  ගුවන්  තැපැල් භාණ්ඩයක් ලෙස මුහුදු අශ්වයින්  සහ මුහුදු  කූඩැල්ලන්  අඩංගු  පාර්සලය තේ කුඩු  යැයි  සදහන් කර   චීනයට යැවිමට උත්සහ කර තිබු අවස්ථාවේදි   මීගමුව වැඩ බලන  තැපැල් ස්ථානාධිපති  කේ.කේ.ජි තන්තිගේ  මහතාට ලද සැකය මත   සිදු කළ පරීක්ෂාවකදී මෙම මුහුදු කූඩැල්ලන් තොගය හමු වී තිබේ.


මොහු කලක සිට  විවිධ ක්‍රම භාවිතා කරමින්  විදේශ රටවලට වියලන  ලද මුහුදු  අශ්වයින් සහ මුහුදු කූඩැල්ලන්  යැවීමේ  ජාවාරම නියැලි සිටි බවට කරන ලද මූලික පරික්ෂණයේදි හෙළි වු   බව  පොලීසිය කියයි.