මුව මස් ළග තබාගත් අයකුට 20,000ක දඩයක්


(එම්. කේ. නන්දසේන) 

තිස්සමහාරාම සිතුල්පව්ව මාර්ගයේ අලිවල ප්‍රදේශයේදී මුව මස් කිලෝ  එකක් සමඟ වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස දිසාවිනිසුරු හා මහෙස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද(08) නියෝග කළාය.
 
මෙසේ දඩ මුදල් නියම වූවේ යෝධකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි ඩී. ජී. නිමල්  සමරසේකර නැමැති අයෙකුටය. 
 
වනජීවී නිලධාරීන් ලද ඔත්තුවක් මත පලටුපාන සහ බැඹව වනජීවී කාර්යාල දෙකෙහි නිලධාරීන් එක්ව කළ වැටලීමකදී මෙම පුද්ගලයා මුවමස් සමඟ අත්අඩංගුවට ගෙනතිබිණි.
 
සැකකරුගේ නිවසේ දී පැවැත්වෙන සාදයක් සඳහා මෙම මස් රැගෙන ආ බවට ඔහු පාපොච්චාරණය කර ඇත.