මුලතිව් හි වෑන් රථයක් පෙරැළීමෙන් 12 කට තුවාල


 

(රොමේෂ් මධුෂංඛ)

                         

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් බල ප්‍රදේශයේ වෑන් රථයක් හා කුඩා ලොරි රථයක් අද (14) අනතුරට ලක් වී වෑන් රථය පෙරැළීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.

ඔඩ්ඩුසුඩාන් සිවන් කෝවිල ඉදිරිපිට දී මාන්කුලම් දෙසට ගමන්ගත් වෑන් රථය හා කුඩා ලොරි රථය අනතුරට ලක් වී ඇති අතර එහිදී වෑන් රථය කිහිපවරක් පෙරැළී යාමෙන් වෑන් රථයේ සිටි 12 දෙනෙකු තුවාල ලබා මුලතිව් රෝහල වෙතට රැගෙන ගිය බවට පොලීසිය පවසයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බවටද පරික්ෂණ සිදු කරන ඔඩ්ඩුසුඩාන් පොලීසිය වැඩි දුරටත් පැවසීය.