සිතුම් චතුරංග
මුලතිව් දිස්ත‍්‍රික්කයට බලපා ඇති නියං කාලගුණික තත්වය හේතුවෙන් එම දිස්ත‍්‍රික්කයේ පවුල් 9800 අයත් පුද්ගලයින් 35232 පිරිසක් පීඩාවට පත්ව ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මුලතිව් පුදුකුඩිරිප්පු, මරදන්කට්ටු, වැලිඔය හා තුණුක්කායි යන ග‍්‍රාම සේවා කොට්ඨාසයන්වලට අයත් පවුල් 9800 ක පුද්ගලයින් මෙලෙස පීඩාවට පත්ව ඇති බව සඳහන් කළේය.
මාස ගණනක සිට පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් එම ප‍්‍රදේශයේ වැව් සහ ළිං සිඳීගොස් ඇති අතර ජලය නොමැති වීමෙන් විශාල ලෙස වගා හානිද සිදුව ඇති බව කීය.
ප‍්‍රදේශයේ කුඩාවැව් සියල්ල සිඝ්‍රයෙන් ජලය බැස යාම හේතුවෙන් පීඩාවට පත් පිරිස් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවද මුලතිව් දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීහු අනාවරණය කළේය.
මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පැවසූයේ පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ග‍්‍රාම නිලධාරී කොට්ඨාසවලට අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ජල බවුසර යොදාගෙන ජලය බෙදාහැරීම සිදුකරන අතර පානීය ජල සඳහා විවිධ ස්ථානයන් හි තාවකාලික ජල ටැංකි යොදාගෙන ඇති බවයි.