මුලතිව් වෙරළට ඉන්දීය ධීවර දැල් ගොඩගසයි


(රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව් නයාරු මුහුදු වෙරළට ඊයේ (06) සවස ඉන්දියානු දැල් ආම්පන්න තොගයක් ගොඩගසා තිබූ බව මුලතිව් පොලීසිය පවසයි.                                                  
ගොඩගසන ලද දැල් තොගය පොලීසිය බාරයට ගෙන ඇත.     

 මෙම දැල් දෙසැම්බර් 30 වනදා නයාරු මුහුදට ඔබ්බෙන් පිහිටි වලයාලමඩ්ම් ප්‍රදේශයේදී අනතුරට ලක් වූ ඉන්දියානු ධීවර යාත්‍රාවේ දැල් ආම්පන්න විය හැකි බව මුලතිව් ධීවරයෝ සැක කරති. 

අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිළිබඳව කිසිදු තොරතුරක් හෙළි වී නොමැති බව ද පරීක්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය කියයි.