මුලතිව් ඖෂධ අලෙවිසල් වසා දැමුවාට විරෝධය


(  සිතුම් චතුරංග)

මුලතිව් දිස්ත‍්‍රික්කයේ ඖෂධ අලෙවිසැල් වසාදැමීමට විරෝධය පලකරමින්  අද (25)  මුලතිව් නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ  තම කඩ සාප්පු වසාදමා විරෝධතාවක නිරතවූහ.


මීට දින කිහිපයකට ඉහතදී සෞඛ්‍ය බලධාරීන් විසින් මුලතිව් දිස්ත‍්‍රික්කයේ රජයේ අනුමැතියකින් තොරව හා බලපත‍්‍ර නොමැතිව පවත්වාගෙන යනු ලැබූ ඖෂධ හල් වසා දමා මුද්‍රතැබීම සිදුකළ අතර එයට විරෝධය දක්වමින් නගරයේ සියලූ කඩසාප්පු වසාදමා තිබිණි.

විරෝධතාවයේ නිරත ව්‍යාපාරිකයින් පවසා සිටියේ උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට හා මුලතිව් දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාව මත මෙම ඖෂධ අලෙවිසැල් සියල්ල වසා දැමීම සිදුකළ බවත්ය.


 මෙය ඖෂධහල් හිමිකරුවන් හා මුලතිව් සෞඛ්‍ය බලධාරීන් සමඟ පවතින මත ගැටුමක් හේතුවෙන් නිලධාරීන් මෙසේ ක්‍රියාකර ඇතැයිද කීය.

 මුලතිව් සෞඛ්‍ය බලධාරීන් පවසා සිටියේ අදාල ඖෂධහල් කිසිදු අවසරයකින් හෝ නිසි ප‍්‍රමිතියකින් තොරව පවත්වාගෙන යනු ලැබූවක් බවත් ඒ සඳහා අවස්ථා කිහිපයකදී ඔවුන් දැනුවත් කළද නිසි ක‍්‍රියාමාර්ගයක් අනුගමනය නොකිරීම හේතුවෙන් වසා දැමීම සිදුකළ බවයි