මුද්දුව පිරිවෙනට නව ගොඩනැගිල්ලක්


රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයන්හි ආගමික සිද්ධ ස්ථාන කේන්ද්‍රකර ගනිමින් දහම් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා සබරගමුව පළාත් සභාව විශේෂ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරමින් මුද්දුව පිරිවෙන සදහා රුපියල් ලක්ෂ 220ක් වටිනා නව බහු කාර්ය ගොඩනැගිලි සංකීර්ණයක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට සබරගමුව පළාත් මහා ඇමැති මහීපාල හේරත් මහතා සහභාගි විය.

මෙම මුද්දුව පිරිවෙනින්  කාම්බෝජය, බංග්ලාදේශය ඇතුළු ආසියාතික රටවල බෞද්ධ භික්ෂූන් සහ  මෙරට ගිහි පැවිදි ශිෂ්‍යයන් ඉගෙනුම ලබති.

හේන්පිටගෙදර ඤාණසීහ මහා නාහිමියෝ මෙම පිරිවෙන 1934 දී ආරම්භ කළහ.

මෙම ව්‍යාපෘතිය යටතේ ක‍්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ඇතුළු සෙසු ආගම් වල දහම් අධ්‍යාපනය හැදෑරිම සදහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමට ද සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.

web3abaragamu-Daham-Pic