මුදල් වංචා සම්බන්ධයෙන් වරෙන්තු 28ක් ලැබ සිටි අයෙක් අල්ලයි



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පහසු ගෙවීමේ ක්‍රමයට ඉඩම් කැබලි ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරෙන්තු 28ක් ලබා සිටි පුද්ගලයෙකු තලවතුගොඩදී අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
 
වරෙන්තුකරුගේ වංචාවන්ට හසු වූ පුද්ගලයන් 16දෙනෙකු හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයටත් පුද්ගලයන් 14දෙනෙකු හොරණ පොලිසියටත් කරන ලද පැමිණිලවලට අනුව සහ සැකකරු තලවතුගොඩ සිටින බවට ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
වරෙන්තුකරු 2017 සිට  ඉඩම් මිලදීගැනීම හා විකිණීම යනුවෙන් කාර්යාලයක් හොරණ ගල්විදපුගොඩහි පවත්වාගෙන ගොස් ඇති බවත් ගනුදෙනුකරුවන්ගෙන් රුපියල්500,000 සිට ඔහු මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය කියයි.