මුදල් පැහැරගත් හිටපු ආරක්ෂකයා අත්අඩංගුවට


( බිමල්  ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ 07  ධර්මපාල  මාවතේ ආගමික මධ්‍යස්ථානයක රාජකාරීයෙහි යෙදී සිටි ආරක්ෂක   නිලධාරීයා මුළා කර එහි කාර්යාලයක තිබු රුපියල් 88,000ක  මුදලක්  සොරාගත් හිටපු ආරක්ෂක නිලධාරියා  අද (18) අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය කියයි.

 ඉකුත් 05 වැනිදා රාත්‍රියේදී  මෙම පුද්ගලයා තවත් පුද්ගලයකු සමඟ යතුරුපැදියකින් පැමිණ  ආගමික මධ්‍යස්ථානයේ  වසා තිබුණු දොරටුව අසළට ගොස්  ආරක්ෂක නිලධාරියා කැඳවා  ඔහු පරීක්ෂා කිරීමට පැමැණි නිලධාරීන් ලෙස අඟවා ගේට්ටුව විවෘත කරවාගෙන සටහන් පොත් රැගෙන එන ලෙස දන්වා  එහි සටහනක්ද දමා  ඇතැයි පොලීසිය පවසයි.

අනතුරුව ආරක්ෂක නිලධාරියා අමතා  කාර්යාලයේ යතුර රැගෙන එන ලෙස පවසා යතුර රැගෙන කාර්යාලයේ දොර විවෘත කර  එහි  බෑගයක දමා තිබු මුදල් රැගෙන ගොස් තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.