මුදල් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට


( ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව අඹකැළේ ප‍්‍රදේශයේ නිවසක තිබූ රුපියල් අනූහතර  දහසක් කොල්ලකෑ පුද්ගලයෙකු අද (5)  අත්අඩංගුවට ගත්බව  ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 
 

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.
 
ලැබුණු තොරතුරු  සහ සීසීටීවී  කැමරා  උපයෝගී  කරගෙන කොල්ලකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු මීට ඉහතදී කොල්ලකෑම් සම්බන්ධයෙන් 13 වතාවක් සිරගතවු  තැනැත්තෙක් බව හෙළිව ඇත.

මෙම කොල්ලකරු අවසන් කොල්ලකෑමක් සම්බන්ධයෙන් අවුරුදු 06ක සිරදඩුවමක් ලැබ මීට මාස 02 ට  ඉහතදී නිදහස ලැබ පැමිණ ඇතිබවද පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.