මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පෙරවරුවේ විවෘත කළේය.
රාජගිරිය, සරණ මාවත අංක 03 දරණ ස්ථානයේ මෙම නව සය මහල් ගොඩනැගිල්ල පිහිටා තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය යටතේ මුදල් කොමිෂන් සභාව 1987 වර්ෂයේ දී ස්ථාපිත කර ඇති අතර 1988 දී ආරම්භ වී වසර තිහක වැනි කාලසීමාවක් තුළ මුදල් කොමිෂන් සභාවේ කාර්යාලය විවිධ ස්ථානවලට මාරු වීම හමුවේ ආයතනයේ ක්‍රියාකාරිත්වයට මෙන් ම ආයතනයේ කාර්යමණ්ඩලයට ද නොයෙකුත් ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වීමෙන් මෙම නව ගොඩනැගිල්ල ඉදි කර තිබේ.
සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
කථානායක කරූ ජයසුරිය මහතා ද පළාත් ආණ්ඩුකාරවරුන් ද, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරන් ද මුදල් කොමිෂන් සභාවේ සභාපති යූ.එච්. පලිහක්කාර මහතා ඇතුථ කොමිසමේ සමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(36698)
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)