මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ පිරිසක් අත්අඩංගුවට



 ( ප්‍රියානි  මංගලිකා  )
                         

මුඛ ආවරණ පවා නොමැතිව , සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් ,දැදුරුඔය අසල  මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි පිරිසක් මුදල් සමග ඇලවක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය අද (30 ) පැවසීය.

වැටලීමේදී සැකකරුවන් සිව්  දෙනෙකු  අත්අඩංගුවට ගත් බවද තවත් කීප දෙනෙකු දැදුරුඔය කැලයට පලා ගිය බවද  පොලීසිය සඳහන්  කලේය.
                     

මෙම සැකකරුවන්  ඇලවක ,කටගමුව ,දිවුල්ලෑගෙඩ පදිංචි අයවලුන් වන අතර  මොවුන් වයස අවුරුදු 30 ත් 40 ත් අතර වයස් වල පසුවන්නන් බවද ,සැකකරුවන් නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති බවද පොලීසිය සඳහන් කලේය .
                 

නිකවැරටිය පොලීසියේ දූෂන මර්ධන අංශ නිලධාරීන් විසින් වැටලීම සිදු කෙරුණ අතර ,නිකවැරටිය මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.