මුතියංගණ වෙසක් පෙරහැර මැයි 3 හා 4


බදුල්ල ඓතිහාසික මුතියංගණ රාජ මහා විහාරස්ථායේ වාර්ෂික වෙසක් පෙරහැර  මෙවර  මැයි 03 වැනි වෙසක් පෝදා සහ පසුවදා පැවැත්වීමට නියමිතය.

විහාරාධිපති සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක  මහා සංඝ සභික වරකාගෙඩ ශ‍්‍රී ඥානරතන නාහිමියන්ගේ හා මුතියංගණයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන යන හිමිවරුන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව සංවිධානය කරන වෙසක් පෙරහැර රජ දවස සිට පැවැත එන සිරිත් විරිත් හා සංස්කෘති රංගනයන් හා අලි ඇතුන් සහිතව වීථි සංචාරය කරන අතර මුතියංගන සාධාතුක කරඩුව ද මෙම පෙරහැරේ වැඩම කරවයි.