(ඩි.ජී.සුගතපාල)
මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (27) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.
අලුයම හතරට පමණ පැමිණි පිරිසක් නිවසේ කාමරයක ජනේලයේ විදුරුව කඩා බෝම්බය දමා පළාගොස් ඇති අතර පසුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු යුද හමුදාවේ බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ බෝම්බය නිශ්ක්‍රීය කර ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීටියාගොඩ පොලිසිය විසින් පරික්ෂණ පවත්වනු ඇත.
(ඡායාරූප - දීපාල් ද සිල්වා)