මීටියාගොඩ ඝාතනයේ සැකකරුවෝ පොලිසියට බාරවෙති


(එම් .සුසිල් ප්‍රියන්‍ත සහ ජන්ක් ද සිල්වා)
 
මීටියාගොඩ ඉන්ධන පිරවුම්පොළ අසලද තියුණු ආයුධවලින් කපා කොටා  තරුණයකු ඝාතනය කළ සැකකරුවන් හතරදෙනා භාරවීමෙන් අනතුරුව අද (27 ) සැකපිට ප්‍රශ්න කිරීම සදහා  අත් අඩංගුවට ගත් බව  මීටියාගොඩ පොලීසිය කියයි.
 
මේ සැකකරුවන් හතරදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් මේ ඝාතනය සිදු කිරීමට ප්‍රයෝජනයට ගත් දිග මන්නා පිහි දෙකක් සගවා තිබියදී සොයාගත් බවද පොලීසිය කියයි.
 
සැකකරුවන් අතින්ඝාතනයවූවේ මීටියාගොඩ ඩොමී ජයවර්ධන මාවත ලිපිනයේ  පදිංචි යූ.එච්. තරිදු ගුනසේකර නමැති  24 හැවිරිදි තරුණයෙකි.
 
මේ ඝාතනයේ සැකකරුවන් හතරදෙනා අද (27) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන කටයුතු සදහා රැදවුම් නියෝග ලබා ගන්නා බව පොලීසිය කියයි.