මීගහහේනේ නිදන් සෙවු සිව්දෙනක්ට ලක්ෂ 6 ක දඩ



 
පාලිත ආරියවංශ 
 
මහියංගණය, මීගහහේන පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුල් වී පුරා වස්තු සෙවීමේ අමුණින් කැණීම් සිදුකළ බවට චෝදනා ලැබු පිය පුතු දෙදෙනෙකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයේ දී වරද පිළි ගැනීමෙන් පසු රුපියල් ලක්ෂ හයක දඩ නියම කිරිමට මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා  අද (19) නියෝග කළේය.


මෙහිදී එක් අයකුට  රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් රුපියල් ලක්ෂ 6 ක දඩ  මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදී.


බලපත්‍ර නොමැතිව ගල් වෙඩි දැමීම, පුරාවස්තු සෙවීමේ අරමුණින් අනවසර කැණීමක් සිදුකිරිම පුරා වස්තු විනාශ කිරිම  හා පුරාවිද්‍යාත්මක බිමකට අනවසරයෙන් ඇතුළුවීම යන චෝදනා  මෙම විත්තිකරුවන් සිව් දෙනාට එල්ල වී තිබිණි.