(නිහාල් ජයවීර)
මීගලෑව මහවැලි කොට්ඨාසයේ ගැටිලෑව 311/ඩී/3, ගොවි සංවිධානයේ ගොවිහු පිරිසක් සිය වගාවන්ට පොහොර ලබා දෙන ලෙස ඉල්ලා අද (07) දහවල් ගැටිලෑව කුඹුරු යායේ නිහඬ උද්ඝෝෂණයක් පැවැත් වූහ .
දුරස්ථ භාවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් හා විවිධ සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මේ නිහඬ උද්ඝෝෂණය පැවැත් වූහ .
මෙවර යල් කන්නයේ වගා කළ ගොයම්වලට මේ වන විට මාස දෙකක පමණ කාලයක් ගතව ඇති බවත් එහෙත් වගාවට යෙදීමට පොහොර ඇටයක්වත් තමන්ට ලැබි නැති බව ගොවීහු කියති .
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක සංජීව කරුණාසාගර මහතා ද මේ නිහඬ උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටියේය .