මිල්ලණියේ නිවසක ගින්නක්


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 

මිල්ලනිය මල්වත්ත පාරේ නිවසක ඇතිවු ගින්නකින් එම නිවසේ කාමරයකට මෙන්ම දේපල රැසකට බරපතල අලාභ හානි සිදුව ඇතැයි මිල්ලණිය පොලිසිය පවසයි.

මීට දින දෙක තුනකට ඉහතදී මෙම නිවසේ විදුලිබිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කර තිබු බව පොලිසිය කියයි.

නිවැසියන් ඊයේ (12) විදුලිබිල ගෙවීමට අවශ්‍ය කටයුතු සඳහා හොරණ නගරයට  ගොස් සිටියදී මෙම ගින්න ඇති වී තිබේ.

 එම ගින්න නිවසෙහි සාලයට යාබදව පිහිටි කාමරයක ඇති වී තිබු බව පොලිස් නිලධාරියකු පැවසීය.