මිනීමැරුම් චෝදනාවකට පුද්ගලයෙක්ට 10 වසරක සිරදඬුවමක්


(ටෝනි කරුණානායක)
 
මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට බරපතල වැඩ ඇතිව වසර 10ක සිරදඬුවමක් මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (19) නියම කළේය. 
 
එම සිරදඬුවමට අමතරව රුපියල් 5000 ක දඩයක්ද නියම කළ අතර දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිර දඬුවමක් නියම කෙරුණි.
 
2010 වර්ෂයේ සැප්තැම්බර් මස 02 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී එම්. අජිත් රෝහණ නැමති අයට මුදුන්ගොඩ ප්‍රදේශයේදී පිහියකින් කොටා මිනිමැරුමක්  නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වැලිවේරිය, මුදුන්ගොඩ පදිංචි කළුතන්ත්‍රිගේ සුනිල් (58) යන අයට මෙසේ සිරදඩුවම් සහ දඩ මුදල් ගෙවීමට නියම විය.