(ක.ග කරුණාරත්න)
දියබෙදුම, ඉහකුළුවැව සහ ඒ අවට ගම්මාන රැසක ජනතාව භීතියට පත් කරමින් සැරිසැරූ තනි අලියා දින 13 ක මෙහෙයුමකින් පසුව අද (19) දහවල් අල්ලාගත් බව වනජීවී නිලධාරීහු කියති.
පසුගියදා මේ පිළිබඳව සොයා බැලීම සඳහා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැමිණි අවස්ථාවේදී එම ගම්මානයේ මිනිස් ජීවිත 08 ක් බිලිගත් තනි අලියෙකු සිටින බව ගම්වාසීහු ඇමැතිවරයාට සැලකර තිබූ හෙයින් එම තනි අලියා ඇල්ලීමට පියවර ගන්නා ලෙසද ඇමැතිවරයා වනජීවී නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.
මෙම සද්ධන්තයා ගේ උස අඩි 8 1/2 ක් පමණද, වයස අවුරුදු 35 ක් පමණ වන බවද වනජීවි නිලධාරීහු සඳහන් කළහ.
අලියා අල්ලා ගැනීමේ මෙහෙයුම බාරව වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් වන සමීර කලිඟුආරච්චි, චන්දන ජයසිංහ, තාරක ප්‍රසාද් යන මහත්වරු කටයුතු කළහ.