මින්නේරි තනි දළ ඇතා ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙළක්


                                     
 
 
ක.ග කරුණාරත්න
 
මේ දිනවල මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරන තනි දළ ඇතා ආරක්ෂා කර රැක බලා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස පරිසරවේදීහු, වනජීවී බලධාරීන් ප්‍රමුඛව රජයෙන් ඉල්ලා සිටිති.


මින්නේරිය - හබරණ ප්‍රධාන මාර්ගය අසළ මේ තනි දළ ඇතා හුදෙකලාව ගැවසීම රථ වාහන අනතුරු ගොදුරු වීමටත් ඇතැම් විට දඩයක්කරුවන්ගේ ඉලක්ක බවට පත්වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.


මේ ඇතා සම්බන්ධයෙන් නිරන්තර සොයා බැලීමක් වනජීවී දෙපාර්තමේන්තුව මගින් කරන බව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ බාරකරු භාතිය මඩුගල්ල මහතා අප කළ විමසුමකදී පැවසීය.


තනි දළ ඇතා මින්නේරිය - හබරණ ප්‍රධාන මාර්ගය අසල සිටියදී අද (30) උදේ කැමරාවට හසුවූයේ මෙසේය.