මිතුරා මැරු තරුණයා අත්අඩංගුවට



 කේ බුද්ධික කුමාරසිරි 
 
අතුරුගිරිය හොරහේන පුවක්ගහදෙනිය ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී  20 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ පාසල් මිතුරෙකු (20) අද (19) සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

ඉකුත් පෙබරවාරි 15 වැනි දා හොරහේන පුවක්ගහදෙනිය ප‍්‍රදේශයේ නිවසක් තුළදී තියුණූ ආයුධයකින් සිදු කළ පහරදීමකින් තරුණයා ඝාතනයට ලක් වී තිබිණි.

වසරකට පමණ පෙරදී කී‍්‍රඩාපිටියේදී ඇති වූ බහින් බස් වීමකට ඝාතනයට ලක් වූ තරුණයා තවත් පිරිසක් සමඟ සැකකාර තරුණයාට පහරදී ඇති අතර එම පහරදීමෙන් සැකකරුගේ හිසේ තුවාලයක් ද සිදුව ඇති බවද පොලිසිය පවසයි.