මැලේසියා උප අගමැති විදේශ රැකියා ඇමැති හමුවෙයි


දෙදින නිල සංචාරයකට ලංකාවට පැමිණි මැලේසියාවේ උප අග‍්‍රමාත්‍ය ආචාර්ය අහමඞ් සෙයිඩ් හමිඩ් මහතා හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතර හමුවක්  විදේශ රැකියා අමාත්‍යංශයේදී පැවැත්විණි. මැලේසියාවේ සේවය කරන ශ‍්‍රී ලංකිකයින් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කල අතර, මැලේසියානු රජය සමඟ විගමණික ශ‍්‍රමිකයින් පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමටද දෙපාර්ශවය සාකච්ඡා කළහ.

මීට අමතරව මැලේසියාවේ රැකියා සඳහා යන ලාංකිකයින් වීසා ලබාගැනීම සම්බන්ධව ඇතිවන ගැටළු කඩිනමින් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සාකච්ඡා කෙරිණි.

IMG_0021 IMG_0043-(1) IMG_0077