(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිටකොටුව මැනිං වෙළඳපොළේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමකින් එක් අයකු කළ පිහි ඇනුමකින් අනෙක් ව්‍යාපාරිකයා මිය ගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කොළොන්නාව පදිංචිවසිටි රාමයියා ගගනරාජ සමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.
එම ව්‍යාපාරිකයාට පහර දී ඉන්පසු පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි.
පිහි ඇනුම කළ පුද්ගලයා පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.