රවී ලියනගේ
ගාල්ල හීනටිගල ගිනිගල මාර්යේ මැටරඹ පාලම ඉදිකිරීම් ප්‍රමාදවීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීහු අද (13) ඉදිකරමින් පවතින එම පාලම අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.
ගාල්ල මැටරඹ හීනටිගල හරහා ගිනිගල මාර්ගයේ මැටරඹ පාලම අසල පිහිටා ඇති අඹගසත් ඉවත් කිරීමට ඒ ආශ්‍රිතව පදිංචි නිවසක හිමියන් විසින් විරෝධය පලකිරීම හේතුවෙන් අඹ ගස කපා මාර්ගයේ වැඩ අවසන් කරදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු මෙසේ උද්ඝෝෂණයේ නිරත වුහ.
කෙසේ වෙතත් මෙම ඉඩම අසළ පදිංචිකරුවන් මෙම ඉඩමේ පිහිටි ගස ඉවත් කිරීමට සහ ඔවුන්ගේ ඉඩමට වන හානිය වෙනුවෙන් ලක්ෂ හයක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර එසේ ලබාදෙන්නේ නම් අඹ ගස කපා දමා මර්ගය පිළිසකර කිරීමට ඉඩ ලබාදෙන බව පවසා සිටියහ.
මෙම ස්ථානයට දකුණු පළාත් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වන ක්‍රිශාන්ත පුෂ්පකුමාර සහ චානක මාදුගොඩ යන මහත්වරු පැමිණ දෙපාර්ශ්වය සමඟ සාකච්ඡා කර තත්ත්වය සමතයකට පත්කිරීමට උත්සාහ කළේය.
ප්‍රදේශවාසීන් ගස කපා පාලමේ වැඩ අවසන් කරන මෙන් උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටි අතර තවත් පිරිසක් ගස කපා දැමීමට පෙර වන්දි ලබාදිය යුතු බවත් ගස කැපූ වහාම පාලමේ වැඩ අවසන් කර දෙන බවට සහතිකයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත අදාළ වන්දිය වෙනුවට ලක්ෂ පහක වන්දි මුදලක් ලබාගැනීමට එකඟතාවය පළකරමින් නිවෙස් හිමියන් ගස කපා දැමීමට අවසර ලබාදෙන ලදී.