2016 වසරේ ජනවාරී මාසයේ සිට අගෝස්තු මාසය දක්වා පමණක් රුහුණු යාල ජාතික වන උද්‍යානයෙන් පමණක් රුපියල් ලක්ෂ 6000ක (මිලියන 600ක) ආදායමක් රටට ලැබී තිබෙන බවත් වසරකට සාමාන්‍යයෙන් දෙස් විදෙස් සංචාරකයින් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් යාල ජාතික උද්‍යානය නැරඹිමට පැමිණෙන බවත් තිරසාර සංවර්ධණ හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේධ ජයසේන මහත්මිය පැවැසුවාය.
‘‘යළි පිබිදෙන යාල‘‘ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඇති කළ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගමනය පිළිබඳ සාකච්ඡාවේදි මේ බව පැවැසීය.