මාවෙල විහාරාධිපති හිමියෝ නැදුන්ගමුවේ රාජාට සෙත්පතති


දළදාපෙරහැරේ  කරඩුව වැඩම කරවීමට  අඛණ්ඩව දොළොස් වැනි වරටත්  සහභාගී වීම සදහා නැදුන්ගමුවේ රාජා හස්ථියා මාවෙල පුරාණ මල්වතු රාජමහා විහාරයේ සිට හත් වැනිදා උදෑසන ගමන් ආරම්භ කළේය.

හිගුල් ඔයෙන් දිය නා  පිරිසිදු කරගත් හස්තියාට   විහාරාධිපති  හිමියෝ   පිරිත් සජ්ජායනා කිරීමන් අනතුරුව පිරිත් නූල් බැඳ දළදා මාලිගාව දක්වා ගෙන යාමට ආශිර්වාද කලහ.

ගම්පහ නැදුන්ගමුවෙන්  ගමන් ඇරඹූ හස්තියා  නිට්ටඹුව පිරිවෙනෙත්  දෙවනුව දන්ඕවිටත් නෙලුම්දෙනිය ප්‍රදේශයේත් රන්වල දුබුකොල වලවුවෙත් මාවෙල මල්වතු විහාරයෙත් ගිමන් හැර කිලෝමිටර්  93 ක් පයින් ගමන් කොට දළදා මාළිගාව දක්වා   ගමන් කරයි.