මාවතුපොල මෙහෙයුමකදී සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට


(මොහොමඩ් ආසික්)

අලවතුගොඩ මාවතුපොල හා ඒ අවට ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමකදී  සේවා නූල් , කඩු ඇතුළු උපකරණ සමඟ අද (02) සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

එම සෝදිසි මෙහෙයුමේදී  වීඩියෝ කැමරා තුනක් බැටරි ඇතුළු අමතර කොටස්, ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය  නොමැති ලේ සාම්පල  ලබා ගැනීමේ  උපකරණ  ඒ සඳහා භාවිතා කරනු ලබන සිරින්ජර , කඩුවක්, කැලෑ කපන පිහි තුනක්, සේවා නූල් තොගයක් සොයා ගත් බව පොලිසිය පැවැසීය.

යුද හමුදාව, විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ අලවතුගොඩ පොලිසිය එක්ව  මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.