(කේ බුද්ධික කුමාරසිරි )
මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බිමක සිට එම අධිකාරියේ නාමය යොදා ගනිමින් පෞද්ගලික ලොරි රථයකින් බලපත‍්‍ර රහිතව පස් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (19) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
පාදුක්ක ගලගෙදර ප‍්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බිමක සිට අනවසරයෙන් පස් විකිණීමේ ජාවාරමක් සිදු කෙරෙන බවට පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත මීගොඩ පොලිසියේ දුෂණ මර්දන අංශයේ විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
මෙලෙස පස් ප‍්‍රවාහනය කරමින් සිටි ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සතුව රියදුරු බලපත‍්‍රයක් හෝ නොතිබූ බවද පොලිසිය පවසයි.
සැකකරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී අදාළ පස් තොගය මාර්ග සංවර්ධන අධිකාරියේ තැන්පතු මධ්‍යස්තානයක් සඳහා රැගෙන යන පවසා ඇතත් ඒ පිළිබදව නිශ්චිත තොරතුරක් ලබා දීමට සැකකරු අපොහොසත් වී ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ලොරි රථය සහ රියදුරු හෙට (20) හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාර්ග සංවර්ධන අධිකාරියේ නාමය යොදා පස් ප්‍රවාහනය කළ අයෙක් අල්ලයි
Recommended Articles